28 C
Colombo
Saturday, April 19, 2025

සජිත්ගේ අත්පත්‍රිකාවක් නොගත්ත තරුණයෙක්ගෙ හොම්බට ඇනලා

- Advertisement -

ප්‍රධාන පක්ෂයක  අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ට එම අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙක් පහරදීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා විසින් එම පහරදීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම පහරදිම සිදුකර ඇත්තේ ඊයේ (15) උදැසන 11ට පමණයි.

එම පුද්ගලයාට ආසන සංවිධායකවරයා විසින් පහරදෙන අයුරු වෙලඳසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබෙනවා.

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගේ පුත්‍රයාට මෙලෙස පහර දී ඇති බවයි වාර්තාවන්නේ.

සජබ නාවලපිටිය ආසන සංවිධායකවරයා ආධාරකරුවන් පිරිසක් සමග එම වෙළෙඳසැල තුළට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබාදී ඇති අතර එම අවස්ථාවේ අත්පත්‍රිකාව ලබා ගැනීම තරුණයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පහර කැමෙන් පසුව අදාළ තරුණයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබා එම රෝහලේ පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් කර ඇති අතර අද (16) රෝහලෙන් පිටව ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...