28 C
Colombo
Thursday, January 16, 2025

යාපනේ තරුණියක් කිලිනොච්චියේදී පැහැරගෙන

- Advertisement -

යාපනයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් කිළිනොච්චිය, ඉරණමඩු – කනකම්බිකුලම් ප්‍රදේශයේදී නාදුනන පිරිසක් විසින් ඊයේ (17) රාත්‍රියේදී පැහැර ගෙන ගොස් තිබෙනවා.

මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ යාපනයේ පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

ඇය කිළිනොච්චිය නගරයේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක සේවය කිරීම හේතුවෙන් කුලී පදනම මත ඉරණමඩු ප්‍රදේශයේයි නවාතැන් ගෙන සිට තිබෙනවා.

ඇය සිය රැකියාව නිම වී ආපසු නේවාසිකාගාරය වෙත යමින් සිටියදීයි මෙම පැහැර ගැනීම සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසු පොලිසිය කළ සෝදීසියකදී තරුණිය භාවිත කළ බවට සැකකෙරෙන අත් බෑගයක් හා ජංගම දුරකතනයක් හමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

චීනය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එකඟතාවක්

සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව හා චීනය අතර විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් කඩිනමින් අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය...

2025 ගෙවුණු දින 16ට වෙඩි තැබීම් 5ක් : සජිත්ගෙන් ඉල්ලීමක්

රට තුළ අත් දකින්නට ලැබෙන වෙඩි තැබීම් සිදුවීම් නතර කර, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලමින් විපක්ෂ...

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

POPULAR ARTICLES