23 C
Colombo
Thursday, February 13, 2025

තරුණියක් ගෙල කපා ඝාතනය කරලා

- Advertisement -

ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ ප්‍රදේශයේදී අද (29) අළුයම තරුණියකගේ ගෙලකපා ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක් වූ තරුණිය අළුයම 6ට පමණ සිය නිවසේ මුළුතැන්ගෙයි සිටියදී, හොර රහසේ ගෙට ඇතුළු වූ පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇගේ ගෙල කපා ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

මෙම අවස්ථාවේදී අදාළ ඝාතකයාද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර, එම බෝතලය ද මේසයක් මත තබා නිවසෙන් පළා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් ඔහු පළායන අතරතුර ගමේ කුඹුරකට වැටී සිට ඇති අතර, ඒ හේතුවෙන් ගම්වාසින් ඔහුව රත්නපුර මහ රෝහලට රැගෙන ගොස් තිබුණා.

ඝාතනය සිදුවන අවස්ථාවේදී නිවසේ විදුලිය විසන්ධි වී තිබු බවත් තරුණියගේ මව නිවසේ වෙනත් කටයුත්තක යෙදී සිට ඇති අතර, පියා නිවසින් එළියට ගොස් සිට තිබෙන බවත් පැවසෙනවා.

මෙම ඝාතකයා රාත්‍රී කාලයේ සිටිම මෙම නිවස ආසන්නයේ රැඳී සිටින්ට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙල්ලබඩ පදිංචිව සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 29 හැවිරිදි තරුණියක්.

එමෙන්ම මෙම ඝාතනය සිදුකළ බවට සැකරනන, මේ වනවිට රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයාද එම විශ්වවිද්‍යාලයේම ඉගෙනමු ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා.

ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසනවා.

මියගිය තරුණිය හා මෙම ඝාතනය සිදුකළ බවට සැකකරන පුද්ගලයා අතර ප්‍රේම සබඳතාවක් තිබූ බවට පොලීසිය සැකපළ කරනවා.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ඇලපාත පොලිසිය විසින් සිදුකරනු ලබයි.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

POPULAR ARTICLES