25 C
Colombo
Thursday, October 10, 2024

කෝප් කෝපා කමිටු අහෝසි

- Advertisement -

පාර්ලිමේන්තුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ කෝප්,කෝපා ඇතුළු කමිටු අසූවකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පෙරේදා (24) අහෝසි වී ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද අහෝසිවී නොයන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන කතානායක ,විපක්ෂ නායක , සෙසු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීන්ට එහි සාමාජික තනතුරට පමණක් සීමාවෙමින් මීළඟ සභාව පිහිටුවන තෙක් ඒ තනතුරුවල කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මෙතෙක් කටයුතු කරනු ලැබුවේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.

එම සභාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පෙරේදා (24) සිට පත් කර තිබෙනවා.

තවද පාර්ලිමේන්තුවේ නීති බවට පත්ව නොතිබූ පනත් රෙගුලාසි සහ යෝජනා සියල්ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසිවී යන බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුවේ කතානායක ධූරය, නියෝජ්‍ය කතානායක ධුරය,නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරය, සභා නායක ධූරය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය යන ධූරයන්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රීලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්

ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 265 දරන ගුවන්යානය කොළඹ සිට රියාද් බලා පියාසර කරමින් තිබියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළට පැමිණි...

ප්‍රහාරක සබ්මැරීන දෙකක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සුදානම්

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන දෙකක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සූදානම් වනවා. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් බිලියන 5 යි දශම 4 ක්...

අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත් කර තිබෙනවා. හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී.විජේරත්න පසුගිය 07 වැනිදා සිය...

POPULAR ARTICLES

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා...

හරිනිගෙයි විජිතගෙයි මූණු දාලා මුද්දර ගහලා

150 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා. මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව...