27.8 C
Colombo
Monday, June 23, 2025

අපි නවත්තනවා කිව්වෙ විශ්‍රාම වැටුප – වසන්ත සමරසිංහ

- Advertisement -

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප ඔවුන්ට හිමි දෙයක් බවත් සිය පාර්ශවය විසින් නවත්වන බවට ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

“ඔබ දකින්න ඇති හිටපු ඇමතිවරු නිවාස භාර දීලා තියෙනවා, අපේ ඇමතිවරු කවුරුත් නිවාස භාර අරන් නැහැ, නිවාස ඉල්ලලා නැහැ. ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු කිසිවෙක් රජයේ නිවාස අරගෙන නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස මට තියෙනවා වාහන තුනක් V8 වාහන තුනක් තියෙනවා. හැබැයි මම ඒ වාහන පාවිච්චි කරන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර පවත්වන දිනවල නවතින්න නිවාස අවශ්‍යයි. මාදිවෙල නිවාස සංකීර්ණයේ, ඒ නිසා ඒවා අලුත් වැඩියා කරන්න ඕනෑ. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඒ අයට හිමි දෙයක්, අපි නවත්තනවා කිව්වෙ විශ්‍රාම වැටුප්”

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...