31 C
Colombo
Friday, April 19, 2024

ගබ්සාව ගැන ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විප්ලවීය තීන්දුවක්

- Advertisement -

විවාහ නොවූ කාන්තාවන් ඇතුළු සියලුම කාන්තාවන්ට සති 24ක් දක්වා ගබ්සාවක් කළ හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අධිකරණ තීන්දුව ලබාදී ඇත්තේ තනිකඩ කාන්තාවන් ඇතුළත් නොවන කණ්ඩායම් කිහිපයක් ලැයිස්තුගත කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙසට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්වූ නඩුවකට අදාළවයි.

ඒ අනුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ තරාතිරම නොබලා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සාවකට හිමිකම් ඇති බවයි.

එමෙන්ම ඒකමතික සබඳතාවලදී (Living Together) තනිකඩ කාන්තාවන් බැහැර කිරීම “ව්‍යවස්ථා විරෝධී” බවද අදාළ නියෝගයේ සඳහන්වීම විශේෂත්වයක්.

ගබ්සා කිරීම් ඉන්දියාවේ 1971 සිට නීත්‍යානුකූල කර තිබෙනවා.

නමුත් සාම්ප්‍රදායිකව, ඉන්දියානුවන් ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයින්ට වැඩි කැමැත්තක් දක්වන බැවින් ඉන්දියාව තුළ ගැහැණු කළල ගබ්සා කිරීම් වැඩි ප්‍රතිශතයක පවතිනවා.

පසුගිය වසරේ රජය විසින් සති 20 ත් 24 ත් අතර ගබ්සා කිරීම් සඳහා කාන්තාවන් කාණ්ඩ කිහිපයකට අවසරදීම සඳහා වෛද්‍ය ගැබ් ගැනීම අවසන් කිරීමේ පනත (MTP) සංශෝධනය කර තිබුණා.

මෙම ලැයිස්තුවට ස්ත්‍රී දූෂණයෙන් දිවි ගලවා ගත් අය, බාලවයස්කරුවන්, මානසික ආබාධ සහිත කාන්තාවන්, විශාල අසාමාන්‍යතා ඇති කළල සහිත කාන්තාවන් සහ ගර්භණී සමයේදී විවාහක තත්ත්වය වෙනස් වූ විවාහක කාන්තාවන් ඇතුළත් වුණා.

මෙම සංශෝධනය මගින් විවාහක සහ අවිවාහක කාන්තාවන් අතර වෙනසක් නොමැති බවත්, එකඟතා සබඳතාවල (Living Together) සිටින අවිවාහක කාන්තාවන්ද එයට ඇතුළත් කළ යුතු බවත් ‌ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...