33 C
Colombo
Tuesday, April 16, 2024

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

- Advertisement -

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා.

ඒ ජනාධිපතිවරයාට එරෙහිව අප්‍රසාදය පළ කරමින් යෝජනාව විවාදයට ගැනීමේ අවහිර කිරීමට ආණ්ඩු පක්ෂයට සහය දැක්වීම සම්බන්ධයෙන්.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, ඊට විරුද්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඡන්දය ප්‍රකාශ කළා.

සභාව අමතමින් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට උත්සාහ කරන මන්ත්‍රීවරුන්ගේ නම් දැන් රටම දන්නා බවයි.

“අද ඔබේ නම් පුවරුවේ ප්‍රදර්ශනය කර තිබෙනවා. ජනාධිපතිතුමා ආරක්ෂා කරන්නේ කවුද, ඔබලාව රකින්නේ නැත්තේ කවුද කියලා දැන් රටම දන්නවා. රටම දැන් දකිනවා අග්‍රාමාත්‍යවරයාගේ සහ රජයේ ආසනවල වාඩි වී සිටින අයගේ නිර්ලජ්ජිත හැසිරීම ”

සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණ කළේ ජනාධිපතිවරයාට එරෙහි යෝජනාව කෙටුම්පත් කිරීමේදී ඊට එකඟත්වය පළ කළේ එවකට විපක්ෂයේ අසුන්ගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවයි.

“වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට එම කෙටුම්පත බැලීමට අවශ්‍ය වූ අතර මම එය අප්‍රේල් 26 වැනිදා ඔහුට යැව්වා. ඔහු එය පරීක්ෂා කළා. එම කෙටුම්පත ගාලු මුවදොරට යවා ඔවුන්ගේද කැමැත්ත ලබා ගන්නා ලෙස ඔහු යෝජනා කළා.” මන්ත්‍රීවරයා පැවසීය.

එම කෙටුම්පත ගාලු මුවදොර විරෝධතාකරුවන් වෙත යවා ඇති බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා කියා සිටියේ ඔවුන්ගේද කැමැත්ත ලබාගත් බවයි.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට අග්‍රාමාත්‍යවරයා ද එම අවස්ථාවේදී ප්‍රකාශ දෙකක් නිකුත් කර තිබූ බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

රනිල් වික්‍රමසිංහ මහතා තම ස්ථාවරය වෙනස් කර කලින් ප්‍රකාශ කළ පරිදි යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට අපොහොසත් වූයේ මන්දැයි ඔහු ප්‍රශ්න කර සිටියා.

“මොන සෙල්ලම්ද මෙයා කරන්නේ? එදායි අදයි වෙනස් වෙලා තියෙන්නේ එතුමාට අගමැතිකම ලැබුණු එක විතරයි.” සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරයාට බැණ වැදුණු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයා කියා සිටියේ වික්‍රමසිංහ මහතා මේ රටට ප්‍රසිද්ධියේ කියා තිබූ ඔහුගේ ප්‍රතිපත්ති, අගමැතිකම වෙනුවෙන් විකුණා දමා ඇති බවයි.

“ඉඳගෙනද හිටගෙනද ඇවිදිනවද කියා නොදන්නා කෙනෙක් අගමැති ලෙස සිටීම ගැන අපට ලැජ්ජයි. ඔහුගේ ප්‍රතිපත්ති මොනවාදැයි ඔහු දන්නේත් නැහැ. ඔහු කියන්නේ එකක්, කරන්නේ තවත් දෙයක්.”

සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, ආණ්ඩුවේ තමන්ගේම අයගේ සහය නොමැති විට විපක්ෂයෙන් සහය ඉල්ලන්නේ මේ අගමැතිවරයා බවයි.


RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (16) දිනයේ ශ්‍රී ලංකා රුපියල, සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, අද දිනයේ...

විදෙස් ආයෝජකයන්ගෙන් ලංකාවට කොළ එළියක්

ආයෝජන තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට දායක වීමට විදෙස් ආයෝජකයින් එකඟතාව පළකර තිබෙනවා. ජාත්‍යන්තර අවබෝධය සදහා වූ ව්‍යාපාරික කවුන්සිලය සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...

අවුරුදු සමයේ අධිවේගයෙන් නොසිතූ ආදායමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 75කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි නියෝජ්‍ය...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...