28 C
Colombo
Saturday, April 19, 2025

ලාංකිකයින්ව රැවටූ තමිල්නාඩුවේ ආබුල් ඛාන් අත්අඩංගුවට

- Advertisement -

ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් තමිල්නාඩුවේ සිදුකළ මිනිස් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඉන්දීය විමර්ශන ඒජන්සිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට හින්දු පුවත්පත වාර්තා කරනවා.

සීනි ආබුල් ඛාන් නම් වූ එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වසර තුනක පමණ කාලයක් ඉන්දීය පොලීසිය විමර්ශන සිදුකර තිබු බව සඳහන්.

මෙම සැකකරු එල්ටිටිඊ සංවිධානය සමග සබඳතා පැවැත් වූ ඊසාන් නම් ශ්‍රී ලාංකිකයෙකු සමග එක්ව මෙම මිනිස් ජාවාරම සිදුකර තිබෙන බව පැවසෙනවා.

කැනඩාවේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ ප්‍රකාශ සිදුකර ශ්‍රී ලාංකිකයින් මුහුදු මාර්ගයෙන් තමිල්නාඩු ප්‍රාන්තයට රැගෙන විත් එහි විවිධ ස්ථානවල සිරකර තැබීම මොවුන් විසින් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු පමණ මෙම ජාවාරමට ගොදුරුවි ඇති බව ඉන්දීය ජාතික විමර්ශන එජන්සියට තොරතුරු වාර්තා වී තිබෙන බව සඳහන්.

2021 වසරේ ජුනි මාසයේ දී එලෙස සිර කර තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු තමිල්නාඩු පොලීසිය විසින් මුදාගැනීමටද කටයුතු කර තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබු අතර, වසර 3ක කාලයක් සැඟවී සිටි එහි ප්‍රධානතම සැකකරුවකු වන ආබුල් ඛාන් නමැත්තා ඊයේ (10) රාමනාදන් පුරම් හිදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...