30.6 C
Colombo
Sunday, July 13, 2025

වසරේ මේ දක්වා අධිවේගයේ සිදුවුණු අනතුරු

- Advertisement -

2024 වසරේ දෙසැම්බර් 14 දක්වා කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල සිදුවූ මාරක රිය අනතුරු 12කින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, පුද්ගලයින් 05 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 77 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම මෙම රිය අනතුරුවලින් දේපල හානි 404ක් වාර්තා වී තිබෙනවා.

මෙම අනතුරුවලින් බොහොමයක් සිදුව ඇත්තේ වේගය පාලනය කර ගත නොහැකිව බව පොලීසිය පවසනවා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා,

 “ශ්‍රී ලංකාවේ දැනට පවතින අධිවේගී මාර්ගයේවල මේ දක්වා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගල ජීවිත හානී 16ක් වගේම, බරපතළ තුවාල සිදුවීම් 05ක් වාර්තා වෙනවා. මෙම අනතුරුවලට පදනම් වූ කරුණු මොනවද කියලා විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එතනදි ප්‍රධාන කරුණු දෙකක් තමයි මේකට හේතු වෙන්නේ එකක් තමයි අපරික්ෂාකරී සහ නොසැලකිලිමත් රිය ධාවනය, දෙවන කාරණය තමයි රියදුරාට තියෙන අධික තෙහෙට්ටුව. ඒ නිසා ශ්‍රී ලංකා පොලීසිය විදිහට අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ අධිවේගි මාර්ගයේ රිය ධාවනය කරන කොට මාර්ග නීතිඋල්ලංඝනය කරමින් රිය ධාවනය කරන්න එපා. මොකද අධිවේගී මාර්ගයේදී ඔබ ගමන්ගන්නා වේගය සාමාන්‍ය මාර්ගයේ ගමන්ගන්නා වේගයට වඩා ඉහළයි. එම නිසා ඒ අවස්ථාවේදී අනතුරක් සිදුවුණත් බොහෝවිට ඔබගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා රිය ධාවනය කරනකොට තෙහෙට්ටුවෙන් නම් කිසිම වෙලාවක රිය ධාවනය කරන්න එපා.”

RECENT ARTICLES - SINHALA

තෙල් සේවකයින් 3750කුත් එළියට දැමිමේ සුදානමක් – ආනන්ද පාලිත 

විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් අඩුකිරීමට අවස්ථාව තිබියදීත් රජය හිතාමතාම මේ මිල ගණන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළ, අධික වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා...

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

POPULAR ARTICLES