හැරී පොටර් චිත්රපටයේ මහාචාර් මැග්ගොනගෙල්ගේ චරිතයට පණ පෙවූ ජනප්රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් මිය ගොස් තිබෙනවා.
මිය යන විට ඇය 89 හැවිරිදි වියේ පසු වුණා.
ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි.
වේදිකාවේ මෙන්ම රිදී තිරයේද එක ලෙස දස්කම් දැක්වූ පුරාවෘත්තයක් වැනි චරිතයක් වූ, ඩේම් මැගී සිය රංගන ජීවිතයේදී ඔස්කාර් සම්මාන දෙකක් හිමිකරගෙන තිබෙනවා.
ඒ, 1970දී තිරගත වූ The Prime of Miss Jean Brodie සහ 1979 දී තිරගත වූ California Suite යන චිත්රපට වෙනුවෙන්.