28 C
Colombo
Thursday, January 16, 2025

හඳුන්නෙත්තිගේ නම අවභාවිත කළ පුද්ගලයින්ට වැඩවරදී

- Advertisement -

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම හා රුව භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දෙස් විදෙස් ජනතාවගෙන් වංචනික ලෙස මුදල් එක් රැස් කළ බව කියන සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ බැංකු වාර්තා කැඳවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

කර්මාන්ත ව්‍යවසායකත්ව හා සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රත්වරයා මෙම නියෝගය සිදු කළා.

කිසියම් පිරිසක් තමාගේ නම හා රුව ප්‍රදර්ශනය කරමින් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දෙස් විදෙස් ජනතාවගෙන් මුදල් රැස් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට අමාත්‍ය හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කර සිටියා.

එම සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන සිදු කරමින් පවතින බවත් ඊට අදාළව ඔවුන්ගේ බැංකු වාර්තා කැඳවීම සඳහා අවසර ලබා දෙන ලෙසත් විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා තිබෙනවා.

එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

චීනය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එකඟතාවක්

සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව හා චීනය අතර විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් කඩිනමින් අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය...

2025 ගෙවුණු දින 16ට වෙඩි තැබීම් 5ක් : සජිත්ගෙන් ඉල්ලීමක්

රට තුළ අත් දකින්නට ලැබෙන වෙඩි තැබීම් සිදුවීම් නතර කර, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලමින් විපක්ෂ...

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

POPULAR ARTICLES