28.2 C
Colombo
Saturday, April 20, 2024

රජයට එරෙහි ආණ්ඩුවේ පක්ෂ 11 සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා – පොදුජන පෙරමුණේ මහලේකම්

- Advertisement -

කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

සාගර කාරියවසම් මහතා සදහන් කරන්නේ එම අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරකම් සහ හැසිරීම් ආණ්ඩුවේ අනාගතයට දැඩි තර්ජනයක් වන බැවින් මෙම ඉල්ලීම කිරීමට තීරණය කළ බවයි.

තවමත් නිශ්චිත ගිවිසුමක් අත්සන් කර නොමැති බැවින් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් කලබල නොවන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පක්ෂ නායක රැස්වීමේදී පැහැදිලිවම ප්‍රකාශ කළද සිම පදනමක් නොමැතිය මේ ආකාරයෙන් රජය විවේචනය කිරීම ඉතා අශෝභන ක්‍රියාවක් බවද මහලේකම්වරයා සදහන් කරනවා.

බලාගාරය සම්බන්ධයෙන් ඇත්තේ මූලික එකඟතාවක් පමණක් බැවින් ගිවිසුම කෙටුම්පත් කිරීමට පෙර සියලු පාර්ශව නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව මුදල් අමාත්‍යවරයා එහිදී පැහැදිළි කළ බව කාරියවසම් මහතා පෙන්වා දෙනවා.

විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ 11 ක සාමාජිකයන්ගේ මෙම ක්‍රියාවන් පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් සහ සැකයක් මතුව ඇති බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සදහන් කරනාවා.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...