33 C
Colombo
Friday, March 29, 2024

චීන පාලනයට අභියෝග කිරීමට එක්වන්නැයි ටිබෙට් ඩයස්පෝරාවෙන් ඉල්ලීමක්

- Advertisement -

ටිබෙට් ජාතිකයන් හොංකොං වැනි වෙනත් පීඩාවට පත් කණ්ඩායම් සමඟ සබඳතා ශක්තිමත් කර සමස්තයක් ලෙස චීන පාලනයට අභියෝග කිරීමට කටයුතු කළ යුතු බව ටි‍බෙට් ඩයස්පෝරාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් ව තිබේ.

මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ප්‍රමුඛ ටිබෙට් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ඕස්ට්‍රේලියාවේ කයින්සොම් දොන්ග්ඩු සහ බ්‍රිතාන්‍යයේ ට්සරින් පසාන්ග් විසිනි.

ටිබෙටයේ තත්වය පිළිබද පැවති විශ්ලේෂණාත්ම ක සාකච්ඡාවක දී ඔවුහු මෙම ඉල්ලීම ඉදිරිපත් කළහ.

මෙහිදී අන්තර්ජාතික ප්‍රජාවේ අවධානය දිනා ගැනීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ඔවුහු සදහන් කළහ.

එහිදී ටි‍බෙටයේ හිටපු මන්ත්‍රිවරියක වන කයින්සොම් දොන්ග්ඩු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සෙනෙට් ආසනයක් සඳහා තරඟ කිරීම වැනි ක්‍රියාමාර්ග පිළිබද අගය කෙරුණු අතර ඇයගේ අපේක්ෂකත්වය ඕස්ට්‍රේලියානු මහාද්වීපය පුරා ටිබෙටයේ අරගලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති බව ද සදහන් කෙරිණ.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...