32 C
Colombo
Friday, March 29, 2024

මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් ජැකලින්ගෙන් ප්‍රශ්න කෙරේ

- Advertisement -

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් තාරකාවක් වන ජැකලින් ෆර්නෑන්ඩස් මුදල් විශුද්ධිකරණ නඩුවක සාක්ෂිකාරිනියක ලෙස අද (30) පෙනී සිට තිබෙනවා.

ඉන්දියානු මුදල් අමාත්‍යාංශයේ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ කාර්යාල ආරංචි මාර්ග වලට අනුව, ජැකලින්ගෙන් අද ප්‍රශ්න කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ අල්ලස් නඩුවක සැකකරුවකු වන සුකේෂ් චන්ද්‍රශේකර් නැමැත්තා පවත්වාගෙන ගිය බව කියන කෝටි ගණනක කප්පම් ජාලයක් සම්බන්ධවයි.

කෙසේ වෙතත් ජැකලින් මෙම නඩුවේ චූදිතයක් නොවන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

බලාත්මකකිරීමේ අධ්‍යක්ෂ කාර්යාල ආරංචි මාර්ග NDTV නාළිකාව වෙත පවසා ඇත්තේ සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස ඔහු දන්නා හඳුනන අයෙකු යන පදනමෙන් පමණක් ජැකලින්ගෙන් ප්‍රශ්න කර ඇති බවයි.

ඉන්දියා ටුඩේ වාර්තාවකට අනුව, පරීක්ෂණයේ කොටසක් ලෙස චෙන්නායි හි පිහිටි සුකේෂ් චන්ද්‍රශේඛර්ගේ මුහුදට මුහුණලා පිහිටි විශාල මන්දිරය බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරින් විසින් වටලා තිබෙනවා.

එම නිවස කෝටි දහයක වටිනාකමකින් යුක්ත බවයි පැවසෙන්නේ.

එම සුඛෝපභෝගී නිවසේ පහසුකම් සහිත කුඩා බාර්, සිනමා ශාලා, ජිම්, පිහිනුම් තටාක සහ වහලය මත විනෝද වීමට ඉඩ පහසුකම් තිබීම නිලධාරීන් පුදුමයට පත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රන් මිලේ වෙනසක්

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (29) දිනයේ කැරට් 22 රන් පවුම රු.171,500.00 වන අතර කැරට් 24 රන් පවුම රු....

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...