31 C
Colombo
Tuesday, February 18, 2025

පුවත් වාර්තා සමඟ අදානි ග්‍රීන් එනර්ජි කොටස් මිල පසුබෑමකට

- Advertisement -

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුළංබල ව්‍යාපෘතිය  අවලංගු කර ඇති බවට පළවන වාර්තා සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ කොටස් මිල පහත වැටී ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව මෙසේ අවලංගු කර ඇති බවට සඳහන් වුණේ,ඩොලර් මිලියන 400 කට අධික ව්‍යාපෘතියක්.

අද, අදානි ග්‍රීන් එනර්ජි කොටස් රුපියල් 1039.45 කින් විවෘත වූයේ එය අවසන් වරට වාර්තා කළ අගය වන රුපියල් 1021.45 ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරමින්.

පසුව එය එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම අගය සනිටුහන් කරමින්  රුපියල් 1065.45ක් කරා ළඟා වී තිබුණු නමුත් ශ්‍රී ලංකාව විදුලිබලය මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කළ බවට පළවූ පුවත් වාර්තාවලින් අනතුරුව  සමාගමේ කොටස් රුපියල් 1,008 ක් දක්වා පහත වැටී තිබුණා.

ඒ එදින වාර්තා වූ ඉහළම අගයෙන් 6%ක පසුබෑමක් පෙන්නුම් කරමින්.

අද දිනයේ (24) දේශීය මෙන්ම විදෙස් මාධ්‍ය ගණනාවකම  ශ්‍රී ලංකාවේ මෙම අදානි ව්‍යාපෘති අවලංගු කර ඇති බවට වාර්තා පළ කර තිබුණා.

කෙසේවෙතත්, අදානි සමූහය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,මෙම සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

සජිත්ගෙන් ඉල්ලීමක්

මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ...

POPULAR ARTICLES