23 C
Colombo
Friday, February 14, 2025

අදානි ගිවිසුම ගැන ඇමති නලින්දගෙන් හතරබීරි කතාවක්

- Advertisement -

අදානි සමූහය සමඟ සිදු කිරීමට නියමිත පුනරීන් සහ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට රජය විසින් තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මින් පෙර සිදුවූ එකඟතා පිළිබඳව සමාලෝචනයක් කිරීමට නව ආණ්ඩුව තීන්දුවක් ගත් බවද ඔහු කියා සිටියා.

“ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කලින් එකඟ වන ලද, සමාලෝචනයක් කිරීමට අලුත් ආණ්ඩුව තීන්දුවක් ගනු ලැබුවා. ඒ අනුව සමාලෝචන කමිටුවක් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පමණයි රජය තීන්දුවක් අරගෙන තියෙන්නේ. එහෙම නැතුව ව්‍යාපෘතිය කැන්සල් කරන්නට රජය තීන්දුවක් අරගෙන නැහැ. එන ලද එකඟතාවයන් පිළිබඳව සමාලෝචනය කරලා බලශක්ති ක්ෂේත්‍රයටත් රටේ ජනතාවටත් වඩා වාසි සහගත වන ආකාරයට සමාලෝචනය කිරීම සඳහා තමයි අපි කමිටුවක් පත් කරලා තියෙන්නේ. අපි තීන්දුවක් අරගෙන තියෙන්නේ ව්‍යාපෘ තිය කැන්සල් කරන්න නෙමේ සමාලෝචනයක් සඳහායි. සමාලෝචනයෙන් පසුව කවර සංශෝධනයක් සිදු කරනවාද කියන එක අපට තීන්දු කරන්න පුළුවන්.”

මේ සම්බන්ධයෙන් අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මාධ්‍යවේදියා – ඔබතුමා කිව්වා එහෙම රජය තීරණයක් අරගෙන නැහැ, මේක අවලංගු කරන්න කියලා. නමුත් ජාත්‍යන්තරව පිළිගත් පරිසරවේදී රොහාන් පෙතියාගොඩ ,වීඩියෝවක් එළියට දාලා තියෙනවා ඩේලි FT එකේ ගිය ප්‍රධාන ප්‍රවෘත්තියට සමගාමීව , ඒකේදී ඔහු ලේඛනයක් ඉදිරිපත් කරනවා, 2025.01.05 හෝ ඒ ආසන්න දිනයකදී කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් කියලා ඔහු පළ කරලා තියෙනවා. ඒකෙ තියෙන්නේ “Revoke” (අවලංගු කිරීම) කියලා,2025 කියන්නේ ඔබතුමන්ලාගේ කැබිනට් මණ්ඩලය , ඒකට අනුව ඔහු කියනවා මේක ආපස්සට හරවලා තියෙනවා, අවලංගු කරන්න කියලා, එතකොට ඔහු ඒ ප්‍රසිද්ධ කරලා තියෙන ලේඛනය බොරු ලේඛනයක්ද අසත්‍යයක්ද?

ඇමති නලින්ද- “කිසිසේත්ම අවලංගු කිරීමක් නෙමෙයි, මම නැවතත් කියන්නේ, මේක සමාලෝචනය කරන්න තමයි කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළේ, ඒ සංශෝධනය, සමාලෝචනය කැබිනට් මණ්ඩලය කතා කරලා ඔබට දැනුම් දෙන්න පුළුවන්, අපි කවරාකාරයටද ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කියන එක”

මාධ්‍යවේදියා – ඒ කියන්නේ ඒ පේපර් එක හරහා අවලංගු කිරීමක් සිද්ධ වෙලා නැහැ කියන එක?

ඇමති නලින්ද- නැහැ.

මාධ්‍යවේදියා – ඇත්තටම ඒ ප්‍රශ්නෙත් පොඩි දෝශයක් තියෙනවා. දැන් ඔබතුමා කිව්ව පුවත්පත්වල ගියා කියලා වැරදි ප්‍රවෘත්තියක්. ඇත්තටම මගේ දැනීමේ හැටියට වැරදි ප්‍රවෘත්තියක් නෙමේ ගියේ සමහරවිට හෙඩ්ලයින් එක බලලා වැරදි අදහසක් ගත්තා වෙන්න පුළුවන්. වාර්තා කරලා තිබුණේ power purchase agreement එක revoke කළා කියලා. ව්‍යාපෘතිය කැන්සල් කරා කියලා නෙමෙයි, මේකේ power purchase agreement එක විතරක් revoke කරන්න කැබිනට් මණ්ඩලය තීන්දු කරා කියලා. ඉතින් ඒකෙ වරදක් නැහැ. මාධ්‍යයේ වාර්තා වුණේ නම් project එක කැන්සල් කියලා නෙමෙයි, power purchase agreement එක විතරක් කැන්සල් කරලා  ව්‍යාපෘතිය සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කරලා තියෙනවා කියලා.

ඇමති නලින්ද-  “පුවත්පත් පමණක් නෙමෙයි වාර්තා කරලා තිබුණේ”

මාධ්‍යවේදියා – ඇත්තටම අපිත් වාර්තා කළා, Financial Times වාර්තාව මත පදනම් වෙලා , පසුව ජාත්‍යන්තරමාධ්‍ය කිහිපයක් ඒ පුවත වාර්තා කළා. එතකොට ආණ්ඩුවේ තියෙන සබඳතා මත පරීක්ෂා කරද්දී ඇත්තටම එතන තිබුණේ ජනාධිපතිවරයා දිගටම කියපු දෙයක්, අර රනිල් වික්‍රමසිංහ  ඇති කරගත්ත මිල ගණන ගැන ප්‍රශ්නය, ඒක වෙනස් වුණාද නැද්ද?

ඇමති නලින්ද-  “ඔව්, ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නෙමෙයි. මේ ඉදිරිපත් කරලා තියෙන මිල ගණන් සම්බන්ධයෙන් අපේ එකඟතාවයක් නැහැ. ඒක නිසා එය සංශෝධනය, සමාලෝචනය කිරිම සඳහා තමයි, අපි ඒක තමයි එය අවලංගු කරලා, ඒ කියන්නේ මිල ගණන් යළි සලකා බැලීම සඳහා තමයි මේ කටයුතු කරමින් යන්නේ”

ගොඩාක් මාධ්‍යයත් අපෙන් කතා කරලා ඇහුව මෙහෙම දෙයක් කැන්සල් කරලා තියෙනවද කියන එක. ඉතින් මේක තමයි අපේ ස්ථාවරය. ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවෙයි සිදු වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව සංශෝධනයකට ලක් කරන්නයි කැබිනට් මණ්ඩලය අනුමත කළේ මිල ගණන් සහිතව.

මාධ්‍යවේදියා – ජනාධිපතිතුමා කලින් වේදිකාවේදී මේක වංචාවක් නොකියා කියනවා. මේක කාගෙ හරි පොකට් එකට තමයි මේ ගැප් එක යන්න පුළුවන් කියලා. එහෙම චෝදනාවක් තියෙන ගනුදෙනුවක් ආයේ මිල ගණන් සංශෝධනය කරන්න කතා කරන්න පුළුවන්ද වංචාවක් විදියට හඳුනගත්ත ගනුදෙනුවක් සම්බන්ධයෙන්, ඒ පාර්ශවයත් එක්ක ගනුදෙනුවකට යන්න මේ ආණ්ඩුවට පුළුවන්ද අලුතින් ටෙන්ඩර් කෝල් කරන්නෙ නැතුව,එහෙම ගනුදෙනුවකට කතාබහකට යන්න පුළුවන්ද?

ඇමති නලින්ද-  “අපි මේ වෙලාවේ සලකා බලමින් ඉන්නේ රටේ බලශක්ති අවශ්‍යතාව්‍ය සහ අපට ඒක දරාගත හැකි මිලකට මිලදී ගන්න පුළුවන්ද කියන එක ඉතින් මේ සියල්ල තමයි ඇත්තටම ඒ කමිටුවේදී සාකච්ඡාවට බඳුන් වෙන්නේ,ඔවුන් ඉදිරිපත් කරන කරුණු අනුව අපිට තීන්දුවක් ගන්න පුළුවන්, ඒ වගේම මේ වන විට මේ සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවල තීන්දුව ගැනත් අපි බලාගෙන ඉන්නවා, ඒ සියල්ල අවසානයේ තමයි රජය මේ සම්බන්ධයෙන් ගන්න තීන්දුව තීරණය කරන්නේ, දැනට මේ ව්‍යාපෘතිය අවලංගු කිරීමට රජය තීන්දුවක් අරගෙන නැහැ”

මාධ්‍යවේදියා – මේ වාර්තාවේම උපුටා දක්වලා තිබුණා මේ නඩුවට වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා නීතිපති දෙපාර්තුමේන්තුවෙන් මේකෙ යම් කිසි වංචනික ක්‍රියාවලියක් සිද්ධ වෙලාද කියන එක ගැන මේ ගනුදෙනුව අදානි එකට ලබා දෙනෙකොට, මොකද වසර කිහිපයකට කලින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වාය කියලා විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් කිව්වා. ඉන්දියාව දැඩි බලපෑම් කරනවා , අගමැතිගෙන් කෝල් එනවා ආදී බලපෑම් ගැන කිව්වා අදානි එකට ව්‍යාපෘති දෙන එක ගැන, මේක විදුලිබල මණ්ඩලය තුළත් කතාබහට ලක් වුණා, ඉතින් ඒ කාරණාවල අපරාධමය ස්වරූපයක් තියෙනවාද කියන එක ගැන හොයලා බලනවාද? විමර්ශන යනවද?

ඇමති නලින්ද-  මේ ව්‍යාපෘතිය ගැන විතරක් නෙමෙයි, අපි ඒ විමර්ශනය සිදු කරනවා අවශ්‍ය අවස්ථාවලදී ඒකට මැදිහත්වීම කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දක්වන්න පුළුවන්. කැබිනට් එකට සමාලෝචන කමිටුවේ වාර්තාව ඉදිරිපත් කළාට පස්සේ.

මාධ්‍යවේදියා – ඒ කැන්සල් කරපු කැබිනට් තීන්දුව, ඒකේ හරියටම තිබ්බේ මොකක්ද ඒ කියන්නේ, ඒකෙ තිබ්බේ ගිවිසුමත් අත්සන් කරන්න ගත්ත තීරණයක් නේද, ඒ අත්සන් කරන්න තියෙන තීරණය නැති කරන එකද වුණේ?

ඇමති නලින්ද-  “ඒකේ අපිට තිබුණේ,..මම කැබිනට් පේපර් එක මෙතනට අරගෙන ආවේ නැහැ. නමුත් එතන තිබ්බේ ටැරිෆ් සම්බන්ධ ප්‍රශ්නයක් ඇත්තටම. ඒක සමාලෝචනය කරන්නට තමයි අපේ කැබිනට් එක තීන්දුව ගත්තේ”

මාධ්‍යවේදියා – එතකොට පරණ එකෙන් අත්සන් කරන්න තීරණයක් අරන් තිබ්බනේ?

ඇමති නලින්ද-  මට ඒක දැන්, හරියටම කියන්න බැහැ

මාධ්‍යවේදියා – දැන් කැබිනට් එකේ තියෙන්නේ ‘Revoke’ කරන්න කියලා , නමුත් ඇත්තටම ගිවිසුමක් අත්සන් කළාද කියන එක තමයි ප්‍රශ්නය. ඒ කියන්නේ 8.26 ගානේ විදුලිය මිලදී ගන්න ශ්‍රී ලංකා රජය කොයි වෙලාවකදී හෝ ගිවිසුම්ගත වුණාද කියන ප්‍රශ්නය. මොකද ගිවිසුමක් ඇති කරගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතියක් දීල තිබුණා. නමුත් ඒ ගිවිසුම ඇත්තටම අත්සන් කළාද කියන එකයි ප්‍රශ්නය.

ඇමති නලින්ද – “ඒ කැබිනට් එක ලබා දීලා තියෙන්නේ, මේ සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ එකඟතාවයන්ට අනුකූලව තමයි මේ ක්‍රියාවලිය ඉස්සරහට ගියේ, ඒක තමයි ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීන්දුවක් ගන්නේ නැතුව, ඒ කැබිනට් තීරණය තමයි මේ අවලංගු වෙලා තියෙන්නේ.ගිවිසුමක් නෙමෙයි”

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...