27 C
Colombo
Wednesday, March 19, 2025

අදානි යනවා කිව්වට තාම ගිහින් නැහැ

- Advertisement -

අදානි ග්‍රීන් එනර්ජි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර තවත් සාකච්ඡා වටයක් රහසිගතව පැවැත්වීමට නියමිත බව මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය සහ අදානි සමාගම මෙතෙක් සාකච්ඡා වට 14ක් සිදු කර ඇති අතර අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදය සහ පැවති ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් ඇති වූ කලකිරීම මත අදාළ ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසුබිමකයි මෙම තිරණාත්මක සාකච්ඡා වටය සිදු කිරීමට නියමිතව ඇත්‍තේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බවටයි වාර්තාවන්නේ.

අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉවත් වූ මන්නාරමේ සුළං බලශක්ති ව්‍යාපෘතිය සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙක පිළිබඳ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අන්‍යෝන්‍ය තීරණයකට එළැඹිය හැකිදැයි සොයා බැලීමට ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය පාර්ශ්වය ලබන සතියේ බොහෝ දුරට රහසිගත සාකච්ඡා පැවැත්වීමට ඉඩ තිබෙන බව එම පුවත්වල වැඩිදුරටත් සඳහන් වනවා.

මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවරට ගිය සංචාරයේදී, අදානි ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කළ නමුත් අදානි විසින් ඉදිරිපත් කරන ලද ගාස්තු ඉතා ඉහළ බව ජනාධිපතිවරයා දැඩි ලෙස පවසා තිබුණා.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබුණා.

ඉන්දියාවේ අදානයේ සමූහයේ අදානී ග්‍රීන් එනර්ජි සමාගම මෙරට පුනරීන් සහ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතීන්ගෙන් ඉවත්වීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා වෙත ලිපියක් මගින් දැනුම් දුන් බව අදානි සමාගම ඊයේ ප්‍රකාශ කළා.

අදානී සමාගම එම තීරණය ගෙන ඇත්තේ මන්නාරම සුළං විදුලිබල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සමක් කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇති පසුබිමකයි.

අදානි සමාගම සුළං විදුලිබල ව්‍යාපෘතියෙන් පෙබරවාරි 2 වැනිදා වන විට ඉවත් වනු ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා පළ වූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් අදානි සමාගම පසුගිය ජනවාරි 24 වැනිදා නිවේදනය කළේ තම සමාගම එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවටයි.

කෙසේවෙතත් ඉන් දින කිහිපයක් ගත වන විටම පුනරින් සහ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වන බව ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දෙනු ලැබුවා.

එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ගැඹුරින් සමාලෝචනය කිරීමට නියමිත බව තම සමාගමට දැනගන්නට ලැබුණු අතර ඒ අනුව පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතීන්ට ගරු කරමින් මෙම ව්‍යාපෘතියෙන් ගෞරවාන්විතව ඉවත්වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් අදානී සමූහයේ ග්‍රීන් එනර්ජි සමාගම අදාල ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට දන්වා පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය වාර්තා කිහිපයකම දැක්වුණේ ශ්‍රී ලංකා රජය අදානි සමාගම සමග තවත් සාකච්ඡා මාලාවකට යාමට නියමිත බවයි.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අහෝසි නොවිය හැකි බවට ඉඟි පලවන බවද එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.


RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න – වැඩබලන පොලිස්පති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දුට විවෘත වරෙන්තුවක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු...