26.7 C
Colombo
Saturday, June 14, 2025

අදානි​ගේ මන්නාරම–පුනරීන් සුළං බලාගාර දෙකට උපයෝගීතා කොමිසමේ අවසරය නැහැ

- Advertisement -

ඉන්දීය අදානි සමාගමේ යෝජිත පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර දෙක සඳහා පවතින තත්ත්වය යටතේ අවසර දීමට නොහැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා තිබෙනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ, පාරිසරික බලපෑම් තක්සේරුවේ ප්‍රතිඵල සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද පාරිසරික බලපත්‍රයේ විස්තර ඇතුළු තවත් තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි.

පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර සඳහා ඉන්දීය අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ලිපිය පසුගිය වසරේ පෙබරවාරි 23 වැනිදා ලබා දී තිබුණා.

එහි​දී ප්‍රකාශ කෙරුණේ, ඩොලර් මිලියන 442ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින්, මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවයි.

කෙසේවෙතත්, පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර දෙක සඳහා අවසර ලබාදීමට නම් තවත් පැහැදිලි කිරීම් හා තොරතුරු රැසක් කොමිසම වෙත අවශ්‍යව ඇති බ​ව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

ඖෂධ හිඟය ගැන පැහැදිලි කිරීමක්

ඇතැම් පුද්ගලයින් බෙහෙත් සම්බන්ධ සංවේදී කාරණා යොදාගනිමින් සමාජ අවධානය ලබා ගැනීමට උත්සාහ දරන බවත් එලෙස ජනතාව බිය වැද්දීම නොකළ යුතු බවත්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

POPULAR ARTICLES