27 C
Colombo
Friday, April 19, 2024

අහිතකර චීන පොහොර නැව ශ්‍රී ලංකාව වෙත පිටත් වෙලා

- Advertisement -

චීනයේ ක්විංඩාඕ සීවින් බයෝටෙක් ගෘප් ලිමිටඩ් සමාගම විසින් මෙරටට ලබාදීමට සූදානම් වූ කාබනික පොහොර සඳහා ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව (NPQS) විසින් සිදුකළ පරීක්ෂණ දෙවරක්ම අසමත් වූ පසුබිමක අදාල සමාගම විසින් ‘හිපෝ ස්පිරිට්’ නම් නැවක මෙට්‍රික් ටොන් 20,000 ක කාබනික පොහොර තොගයක් මේ වන විටත් වරාය වෙත පිටත් කර ඇති බව වාර්තා වන අතර සමාගමට අදාල ආනයන බලපත්‍රය නිකුත් කළේ කවුරුන්ද යන ප්‍රශ්නය මේ වන විට මතුව ඇත.

එම සමාගම ශ්‍රී ලංකාවට එවන ලද දෙවන කාබනික පොහොර සාම්පලයත් ඉතා දූෂිත බව සොයා ගත් පසුවත් 2021 සැප්තැම්බර් 22 දින චීනයේ සිට ‘හිපෝ ස්පිරිට්’ නෞකාව ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සමාගමට බලපත්‍රය නිකුත් කර නොමැත. මෙම නෞකාව පැනමියානු ධජය සහිත නෞකාවක් වන අතර එය සිංගප්පූරු වරායේ නැංගුරම් ලා සිට දැනට මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ලංකාව දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වේ.

චීන කාබනික පොහොර තොගය අහිතකර බවට දෙවන පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාවෙන් හෙළි වූ පසු නැව සිංගප්පූරු ඇති නැංගුරම් ලා තිබී ඇත. පොහොර තොගය නැවත චීනයට යැව්වේද නැතහොත් පොහොර පිළිබඳව තෙවන පරීක්‍ෂණයෙන් පසුව කොළඹ වරායට පැමිණීමට බලාපොරොත්තුවෙන් රැඳී සිටියේද යන්න පැහැදිලි නැත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාද ප්‍රශ්න කර සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දුන් ආනයන බලපත්‍රයක් නොමැතිව මෙලෙස පොහොර ප්‍රවාහනය කළේ කෙසේදැයි යන්නයි.

ආනයනය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බලපත්‍රයක් නිකුත් කර නොමැති බව පැහැදිලිය.

කොළඹ චීන තානාපති කාර්යාලය පෞද්ගලික සමාගමක ව්‍යාපාරික ගනුදෙනුවකට මැදිහත් වීම නිසා කාබනික පොහොර සාම්පල පිළිබඳ මතභේද උත්සන්න විය. මෙම වාර්තා හරහා දැනටමත් අදාළ සමාගමේ කීර්ති නාමයට හානියක් වී ඇති බව චීන තානාපති කාර්යාලය පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 42.8 ක් වටිනා කාබනික පොහොර ආනයනය කිරීම වෙනුවෙන් අදාල චීන සමාගම ටෙන්ඩර් පටිපාටියක් මඟින් තෝරා ගන්නා ලද බව පැවසේ. කෙසේ වෙතත්, එම සමාගම හොඳම ලංසුකරුවා ලෙස තෝරා ගැනීමෙන් පසුව, ආනයනය කිරීමට බලාපොරොත්තු වන පොහොර වල සාම්පල එවීමට සමාගමට නියෝග කෙරිණි. එම සාම්පල වල අහිතකර බැක්ටීරියා ඇති බව දෙවරක්ම තහවුරු විය.

අත්සන් කළ කොන්ත්‍රාත්තුවට අනුකූලව සමාගම කටයුතු කර ඇති බව චීන තානාපති කාර්යාලය පැවසීය. ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලියේදී කාබනික පොහොර සෙල්සියස් අංශක 600ට විෂබීජහරණය කළ බවත් ඉහළ උෂ්ණත්වයෙන් සියලුම හානිකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ වන බවත් පොහොර ප්‍රමිති වලට අනුකූල බවත් ඔවුන් පවසන ලදි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව කියා සිටියේ සාම්පල වල අර්වීනියා ඇතුළු හානිකර බැක්ටීරියා අඩංගු බවයි.

පොහොර විෂබීජහරණය කිරීම ගෝලීයව පිළිගෙන ඇති අතර කිසිවෙකුට ඒ ගැන තර්ක කළ නොහැකි බව NPQS හි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි මහතා පවසනවා. චීන සමාගම ඒ සම්බන්ධව පරීක්‍ෂා නොකොට පරීක්ෂණ ප්‍රතිඵලය එවා ඇති බවයි ඔහු පවසන්නේ.

(Ceylon Today)


RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...