25 C
Colombo
Saturday, May 24, 2025

පොලිස්පති අවුල ගැන නීතිපතිගෙන් කථානායකට උපදෙස්

- Advertisement -

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝග අනුව ක්‍රියාකරන්නැයි නීතිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනට උපදෙස් දී තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නීතිපති උපදෙස් ඉල්ලා යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇති ගැටළුව පිළිබඳව අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා නොකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවා.

කථානායකවරයා සඳහන් කළේ, අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කිරීමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

එවැනි පදනමක් තුළ සාකච්ඡා සඳහා යොමු නොවන බව ඔහු සඳහන් කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඉන් අනතුරුව ජනාධිපතිවර​යා කියා සිටියේ, පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව අගවිනිසුරුවරයා සහ කථානායක සමග සාකච්ඡා කර විසඳා ගත යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES