77 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව සියලු රාජ්‍ය ආයතනවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය මස 10 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය සංශෝධනය කර තිබෙනවා.
එම චක්‍රලේඛයේ දැක්වුණේ පෙබරවාරි මස 1 වැනිදා සිට 7 වැනිදා දක්වා වූ කාලය තුළ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි.
එමෙන්ම පෙබරවාරි මස 3 සහ 4 යන දෙදින සියලු රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දී තිබුණා.
කෙසේවෙතත්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද පැවසුවේ රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාරවත් කිරීම අවලංගු කිරීමට තීරණය කළ බවයි.
විදුලිය අරපිරිමැස්ම සහ විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹුණු බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර, නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේදී රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා ඇති බවත්, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම අමුත්තන් පෙන්වීම දිවයිනේ සියලු බන්ධනාගාර තුළදී කරන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.