26 C
Colombo
Monday, January 13, 2025

Clean Sri Lanka ගැන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

- Advertisement -

Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් සියලු රාජ්‍ය සේවකයින් ලබන 25 වැනිදාට පෙර දැනුවත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළ පරිදි මෙම ව්‍යාපෘතිය පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ කටයුතු මේවන විට අවසන් කර තිබෙනවා.

Clean Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජිකයින්ගේ මැදිහත්වීමෙන් මෙම කටයුතු සිදු කර තිබුණා.

කෙසේවෙතත්, දිස්ත්‍රික් මට්ටමේ ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින්  වැඩසටහන පිළිබඳ සෙසු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම කළ යුතු බව, නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔහු සඳහන් කර අත්තේ  එම කටයුතු කඩිනමින් අවසන් කළ යුතුව ඇති බවයි.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මකයි.

2025 ජනවාරි මස 01 වන දා සිට මෙම වැඩසටහන ආරම්භ කළ අතර ඊට අදාළව ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කිරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළා.

කෙසේවෙතත්, මේ සබන්ධයෙන් සමාජයේ වඩාත් කතාබහක් මතු වූයේ Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව පොලීසිය විසින් සිදු කළ බස් රථ සහ ත්‍රීරෝද රථ පරීක්ෂා කිරීමේ මෙහෙයුම් සම්බන්ධවයි.

RECENT ARTICLES - SINHALA

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති...

දුරකථන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන...

POPULAR ARTICLES

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා...