25 C
Colombo
Tuesday, April 16, 2024

ඇෆ්ගනිස්තානයේ අපනයන නවතියි

- Advertisement -

ඉරානයේ චබහාර් වරාය හරහා ඇෆ්ගනිස්තානය විසින් සිදුකළ සියලුම අපනයන කටයුතු මාස තුනක පමණ කාලයක සිට සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි වාර්තා වේ.

එරට අපනයන අතර පළතුරු,වූල් ආදිය කැපී පෙනෙන අතර ඇෆ්ගනිස්තානය සම්පූර්ණයෙන්ම ගොඩබිම් දේශසීමාවලින් වටවූ රටක් වීම හේතුවෙන් ඒවා නැව් මගින් අපනයනය කිරීම පකිස්තානය හෝ ඉරානය හරහා සිදුකළ යුතුවේ.

කෙසේවෙතත් පැවති ගැටුම් සහ දැනට පවතින අස්ථාවරත්වය හේතුවෙන් පසුගිය මාස තුනක පමණ කාලය තුළ ඉරානය හරහා තමන් විසින් කිසිදු අපනයන කටයුත්තක් සිදුකර නොමැති බව ඇෆ්ගනිස්තාන වාණිජ සහ ආයෝජන මණ්ඩලය සදහන් කරයි.

මේ හේතුවෙන් රටට ආදායම අහිමි වී ඇති බවත් ඒ අනුව ඉදිරියේදී ඇෆ්ගනිස්තානයේ දැනට පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍රවනු ඇති බවත් එම මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යළිත්

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ගුවන් සේවා යළි ආරම්භ කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. පසුගිය 13 වන...

වික්ටෝරියා ජලාශයට ජීවිත තුනක් බිලි

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් මියගිය යුවළ බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුද ඊයේ (15) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසනවා. දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ...

රනිල් එක්ක වේදිකාවට නැග්ග විමල්ගේ මන්ත්‍රී

නුවරඑළිය, මීපිළිමාන ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට පසුගිය ඉරිදා (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව සිටියා. පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත්...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...