ඇඝ්ගනිස්තානයේ ජනප්‍රිය රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන නේමාත් රාවත් වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඔහු කන්දහාර් ප්‍රදේශයේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයකයන් මෙම මාධ්‍යවේදියාගේ ජංගම දුරකතනය ද පැහැර ගෙන ගොස් තිබේ.
මාධ්‍යවේදීන් පරිස්සම් විය යුතු බවට තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාන මාධ්‍යවේදීන්ට ප්‍රසිද්ධියේ අනතුරු ඇගවීමක් කර පැය විසි හතරක් තුළදී මෙම ඝාතනය සිදුවීම විශේෂත්වයකි.