තලේබාන් සංවිධානය විසින් පනවා ඇති දැඩි සීමා කිරීම් නොතකමින් ඇෆ්ගනිස්තාන කාන්තාවන් පිරිසක් කාබුල් අගනුවර දී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාන්තාවන් සැළකිය යුතු පිරිසක් ජගත් කාන්තා සහයෝගිතා දිනයේදී පැවති මෙම විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වි සිටි බවයි.
තලේබාන් පාලනය තුළ කාන්තාවන්ට ද නියෝජනයක් හිමිවිය යුතු බවත් ඔවුන්ගේ අධ්‍යාපන, වැඩ කිරීම ආදී අයිතීන් හිමිවිය යුතු බවත් විරෝධතාවයට සම්බන්ධ වී සිටි කාන්තා ක්‍රියාකාරිනියෝ මෙහිදී ප්‍රකාශ කළහ.
ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් ලබාදෙන බවට තලේබාන් සංවිධානය දිගින් දිගටම ලෝකය හමුවේ ප්‍රකාශ කළ ද ප්‍රායෝගිකව සිදුකරමින් සිටින්නේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කිරීම බවයි.