29 C
Colombo
Thursday, June 1, 2023

ඇෆ්ගනිස්තාන මාධ්‍යවේදිනියන් හරවා යවයි

- Advertisement -

තලේබාන් පාලකයන් විසින් සිය සේවය සදහා වාර්තා කළ කාන්තා මාධ්‍යවේදිනියන් විශාල පිරිසක් ආපසු හරවා යවා ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන ජනමාධ්‍ය සංවිධාන සදහන් කර ඇත්තේ කාන්තා මාධ්‍යවේදිනියන්ට සුපුරුදු ලෙස සේවය සද⁣හා අවස්ථාව ලබාදෙන බව තලේබාන් සංවිධානය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළත් ප්‍රායෝගික භාවිතය ඊට හාත්පසින්ම වෙනස් බවයි.

ඇෆ්ගනිස්තාන ගුවන් විදුලි රූපවාහිනී සේවයේ නිවේදිකාවක වන සබ්නම් ඛාන් දව්රාන් පවසා ඇත්තේ සේවය සදහා වාර්තා කිරීමට ගිය ඇයව පාලනය වෙනස් වී ඇති බව සදහන් කරමින් ආපසු හරවා එවූ බවයි.

කදීජා නම් මාධ්‍යවේදිනියක්ද තලේබාන් සාමාජිකයන් තමන්ව ආපසු හරවා එවූ බව සදහන් කර තිබිණ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යවල වැඩසටහන් සංයුතිය ද සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති අතර සියලු ආකාරයේ සංගීත, නාට්‍ය වැඩසටහන් තහනම් කර ඇති අතර ඒ වෙනුවට ආගමික වැඩසටහන් විකාශය කරන ලෙසට නියෝග පනවා තිබේ.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...