27 C
Colombo
Saturday, April 20, 2024

ශිෂ්‍යාවන්ට පාසල් විවෘත කරන්නැයි ඉල්ලා ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් උද්ඝෝෂණයක

- Advertisement -

ශිෂ්‍යාවන්ට පාසල් යාමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් පිරිසක් කාබුල් නගරයේදී උද්ඝෝෂණයක නිරත වී තිබේ.

එරට ටොලෝ නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ කාබුල් නගරයට එක්වූ කාන්තාවන් පිරිසක් මෙය ඇෆ්ගනිස්තාන ජන සමාජයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දක්වමින් උද්ඝෝෂණයක නිරත වූ බවයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගත් දා සිට මෙතෙක් එරට ද්වීතීය සහ තෘතීය අධ්‍යාපන ආයතන ගණනාවක් යළි විවෘත කො‍ට නොමැති අතර විවෘත වූ ඒවා සියල්ලේම පාහේ මේ වන විට ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබාදීම තහනමට ලක් කර තිබේ.

කාබුල්හි විශ්ව විද්‍යාල ආචාර්යවරැන් සහ ගුරුවරුන් රැසක් සදහන් කර ඇත්තේ මෙම තත්වය ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ අනාගතය සම්බන්ධයෙන් අයපහත් ප්‍රතිඵළ උදාකරනු ඇති බවයි.

ඉස්ලාම් දහමට අනුව කාන්තාවන්ට ද අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇති බවත් කිසිවෙකුට එය පැහැර ගැනීමට නොහැකි බවත් මේ පිළිබද අදහස් දැක්වූ එරට ශිෂ්‍යාවන් පිරිසක් සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි. පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු...

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා....

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...