27 C
Colombo
Saturday, December 2, 2023

ඉස්ලාම් රටවලින් ඇෆ්ගනිස්තානයට ඉල්ලීමක්

- Advertisement -

රට තුළ පවතින ගැටලු විසඳීම සඳහා සියලු පිරිස් සමග එක්ව සාමූහිකව ක්‍රියා කරන ලෙස ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගියදා පකිස්තානයේ පැවති ඉස්ලාමීය සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ 48 වැනි සැසිවාරයේ දී ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබද ව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

එහිදී ඇෆ්ගනිස්ථානයේ ජනතාවට අවශ්‍ය සහයෝගය ලබා දීමට සංවිධානයේ රටවල් එකගතාවය පළ කළ බව විදෙස් වාර්තාවල දැක්වේ.

මේ අතර එහිදී , පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සදහන් කර ඇත්තේ, වසර 40 කට පසු ඇෆ්ගනිස්ථානයේ සහ කලාපයේ සාමය ආරක්ෂා කිරීම යථාර්ථයක් කර ගැනීමට මේ වන විට අවස්ථාව උදාවී ඇති බවයි.

ඉස්ලාමීය සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වූ අතර එහිදී ද ඇෆ්ගනිස්ථානයේ දේශපාලන, ආර්ථික සහ මානුෂීය තත්ත්වය සාකච්ඡා කෙරිණි.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...