32 C
Colombo
Saturday, April 20, 2024

ඇෆ්ගනිස්තානයේ සීක් ජාතිකයන්ට ආගම අත්හරින ලෙසට තර්ජන

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ වෙසෙන සීක් ජාතිකයන්ට එම ආගම අත්හැර ඉස්ලාම් ආගම වැළැද ගන්නා ලෙස බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ අයිතීන් සහ ආරක්ෂාව උදෙසා වන ජාත්‍යන්තර සංසදය සදහන් කරන්නේ එසේ ඉස්ලාම් ආගම වැළද නොගන්නේ නම් වහාම රටින් පිටව ලෙසටද එම සීක් ජාතිකයන්ට නියෝග කර ඇති බවයි.

ඇෆ්ගනිස්තානයේ කාබුල්, ගසානි, නන්ගහාර් වැනි ප්‍රදේශවල සීක් ජාතිකයන් දහස් ගණනක් ජීවත්වන අතර ඔවුන්ට ප්‍රාදේශීය තලේබාන් නායකයන් වෙතින් මෙලෙස තර්ජන එල්ල වී ඇති බව පැවසේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමට පෙර සිටම එරට තුළ සිටින සීක් ජාතිකයන්ට විවිධ තර්ජන සහ බලපෑම් එල්ල වී තිබිණ.

ඇෆ්ගනිස්තානයේ අයිතීන් සහ ආරක්ෂාව උදෙසා වන ජාත්‍යන්තර සංසදය සදහන් කරන්නේ තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු මෙම තර්ජන සංවිධානාත්මකව සහ දරැණු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී...

අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...