තලේබාන් සංවිධානයට එරෙහිව ස්විඩනයේ ස්ටොක්හෝම් අගනුවරදී විරෝධතාවයක් පවත්වා තිබේ.
එහි සිටින ඇෆ්ගනිස්තාන ප්‍රජාව සහ තවත් විශාල පිරිසක් ඒ සදහා එක්ව සිටි බව සදහන් වේ.
පසුගිය වසර විස්සක කාලය තුළ ඇෆ්ගනිස්තානය අත්පත් කරගත් සියලු දෑ තලේබාන් පාලනයක් යටතේ විනාශ වී යනු ඇති බව විරෝධතාකරුවෝ එහිදී සදහන් කළහ.
තලේබාන්වරුන්ට එරෙහිව ලෝකය පුරා රටවල් ගණනාවක විරෝධතා ව්‍යාපාර පැවති අතර ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, ග්‍රීසිය වැනි රටවල් ඒ අතර විය.