ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව සඳහන්.
ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් 15 දින සිය ඉන්දීය සංචාරය සඳහා පිටත්ව ගියා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිය, ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිතයින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වූ අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණා.
මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.