30.5 C
Colombo
Wednesday, April 24, 2024

තලේබාන් ජයෙන් පසු පකිස්තානයටත් ශරියා නීතිය ඉල්ලයි

- Advertisement -

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගෙන ශරියා නීතිය ස්ථාපිත කිරීමේ බලපෑම අසල්වැසි රටවලටත් පැතිර ගොස් ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පකිස්තානයට මෙහි බලපෑම තදින්ම දැනී ඇති බවයි.

ඒ අනුව පකිස්තානයේ ක්‍රියාත්මක ඩයේෂ් සහ ටරෙක් ඊ තලේබාන් වැනි අන්තවාදී සංවිධාන දැනටමත් ශරියා නීතිය ඉල්ලා විවිධ ඉල්ලීම් සහ බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

මෙම තත්වය අතිශය භයානක බවත්, මේ පිළිබද දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් පකිස්තානයේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙහෙමාන් මලික් සදහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ,ඉදිරියේදී තලේබාන් සහය ලබන අන්තවාදී සන්නද්ධ සටන් කල්ලි පකිස්තානය තුළ දැඩි ලෙස ප්‍රබල වීමේ අවදානමක් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

Fox Hill ධාවකයින් දෙදෙනාට ඇප

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

විජේදාසට හා මිත්‍රපාලට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එසේම පක්ෂයේ ප්‍රධාන...

මරුවාට අතවනන කළබලේ විවෘත කළ කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් දිවෙන නව ගුවන් පාලම, මාර්ගයට සම්බන්ධ කරන කොටසේ ඉදි කිරීම් තවමත් අසම්පූර්ණ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...