32 C
Colombo
Friday, March 29, 2024

සහරාන්ගේ ලිපිගොනු භාරව සිටි නිලධාරියෙක් දැන් පිස්සන් කොටුවේ – පාස්කු කොමිසමේදී හෙළිවේ

- Advertisement -

තමන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ අවදියේ එල්ල වු දේශපාලනික බලපෑම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම් හේතුවෙන් විමර්ශනවලට බාධා එල්ල වු බව වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයකරන ජනාධිපති කොමිසම හමුවේ අද (08) සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ තමා සහ නාමල් කුමාර නැමැත්තා අතර ඇතිවු සංවාදයන්හි හඬපට සියල්ල සංස්කරණයකට ලක්කර ඇති බවය.

නාලක ද සිල්වා මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබාදීම සඳහා අද පෙරවරුවේ පැමිණියේය.

එහිදී නාමල් කුමාර නැමැත්තා සහ නාලක ද සිල්වා මහතා අතර පැවති සංවාදයන්හි හඬපට සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණි.

අදාළ හඬපට විවෘත කොමිසම හමුවේ වාදනය කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළේය.

“නාමල් කුමාර කියන තැනැත්තාව මා සමග සම්බන්ධ කළේ එවකට පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දර මහතායි. යම් ‍යම් කරුණු සම්බන්ධයෙන් ඔහු සතුව තොරතුරු තියෙනවා කියලයි ඔහු සම්බන්ධ වුණේ. මේ සංවාදවල ඇතුළත් හඬපට සියල්ලේම මුල මැද අග නැහැ. නාමල් කුමාර කතාකරපුවා විතරයි තියෙන්නේ මම කතාකරපුවා නැහැ. තොරතුරුකරුවෙක් තොරතුරුකරු විදිහට ඉන්න ඕනේ. ඔහු මෙහෙයවන්නෙක්, පාලනය කරන්නෙක් වෙන්න බැහැ. මේ හඬපටවල මම කියන දේවල් මම කිව්වේ තොරතුරුකරුවෙක් ලෙස ඔහුගේ විශ්වාසනීයත්වය තහවුරු කරගන්න. නමුත් පසුව මට තහවුරු වුණා නාමල් කුමාර කියන දෙවල් අමූලික බොරු කියලා. ඔහු මුදල් ලබා ගැනීමට තමයි මේ දේවල් කියන්නේ කියලත් පැහැදිළි වුණා. මේ හඬපට අහන තෙවැනි පාර්ශ්වයකට හිතෙන්න පුළුවන් මම තව කෙනෙක්ට එරෙහිව කුමන්ත්‍රණය කරනවා හෝ අපහාස කරනවා කියලා. නමුත් මම කළේ සිද්ධින්වලට අදාළ සත්‍ය තොරතුරු හෙළි කරගන්න මෙහෙයුමක්. තොරතුරුකරුවෙක්ව පරික්ෂා කළ යුතුයි. එහෙම අවස්ථාවලදි ඔහු කියන දේවල්වලට සරිලන විදිහටම මාත් ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඔය හඬපටවල තියෙන කිසිදු නමක් මා පළමුවෙන් කිව්ව නම් නෙමේ. නාමල් කුමාර කිව්ව දේවල්වල සත්‍ය අසත්‍ය සොයාගන්න මම ප්‍රතිචාර දක්වද්දි කියපු දේවල් ,” යනුවෙන් සඳහන් කළේය.

මෙහිදී කොමිසම හමුවේ වාදනය කෙරුණු එක් හඬපටයක නාමල් කුමාර විසින් පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරී එම්. අර් ලතීෆ් මහතාව ඝාතනය කිරීමට යෝජානා කරන අකාරයක් අනාවරණය වු අතර කොමිසමේ සමාජිකයින් ඒ සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කරන්නට විය.

“මම නැවතත් කියනවා, මේ හඬපට සියල්ලම සංස්කරණය කරලා තියෙන්නේ. නිසි අගක් මුලක් නැහැ. ඔය සංවාදය අන්තිමට, මම නාමල් කුමාරට කණ පැලෙන්න දෙකක් ගහලා කාර් එකෙන් එළියට දැම්මා. ඒ කිසිම හඬක් මේ හඬපට තුළ නැහැ. ඒ වෙලාවෙම මම පොලිස්පතිට කතා කරලා කිව්වා, ‘සර් මූත් එකක වැඩ කරන්න බැහැ. මූ මහ පණ්ඩිතයෙක් කියලා,” යනුවෙන් නාලක ද සිල්වා මහතා පිළිතුරු දුනි. 

මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කරසිටියේ, “ඔබ තොරතුරුකරුවෙකු ලෙස නාමල් කුමාර නැමැත්තාව භාවිත කළ අයුරින්ම වෙනත් පාර්ශ්වයක් ඔහුව තොරතුරුකරුවෙකු ලෙස භාවිතා කළේද?,” යන්නය.

“මම ඔහුව භාවිත කළේ සිද්ධීන් දෙකකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගන්න. ඉන් එහාට වෙනත් පාර්ශ්වයක් ඔහුව භාවිත කළාද කියන එක මම දන්නේ නැහැ,” යනුවෙන් එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා මහතා පැවසීය.

එහිදී, ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළේ, “නාමල් කුමාර නැමැත්තාට විදෙස් සම්බන්ධතා තිබුණාද?,” යන්නය.

“පැරිස්වල ඉන්න තුෂාර පිරිස් කියලා පුද්ගලයෙක් එක්ක සම්බන්ධකම් තිබ්බා කියලා නාමල් කුමාරම කියනවා. නමුත් ඇත්තටම එහෙම සම්බන්ධයක් තියෙනවාද? නැද්ද? මම දන්නේ නැහැ. ඔහු බොරුකාරයෙක්. එකම එක තොරතුරයි හරියට දුන්නේ. ඊට පස්සේ ඉල්ලුවේම මුදල් විතරයි,” යනුවෙන් නාලක ද සිල්වා මහතා පැහැදිළි කළේය.

කෙසේවෙතත් ජනාධිපති කොමිසම තවත් හඬපට කිහිපයක් වාදනය කරමින් සාක්ෂි විමසීමත් සමග නාලක ද සිල්වා මහතා ජනාධිපති කොමිසමෙන් මෙලෙස විමසා සිටියේය,

“ස්වාමිනි, මම මෙහෙම ඇහැව්වට වැරදියට හිතන්න එපා. මේ හඬපටවලයි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙයි තියෙන සම්බන්ධය මොකක්ද ?,” යන්නය.

එයට පිළිතුරු දෙමින් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, “නිලන්ත ජයවර්ධන මහතා මේ කොමිසමේ සාක්ෂි දෙද්දි සඳහන් කරලා තියෙනවා ඔහු සහ ඔබ අතර විරසකයක් තිබුණා කියලා. ඒ හින්දා බුද්ධි තොරතුරු ගලායාම නිසි පරිදි සිදුවුණේ නැහැ කියලත් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියා. ඒ විරසකය තහවුරු කරන්න නිලන්ත ජයවර්ධන මහත්මයා ඉදිරිපත් කරපු හඬපට තමයි අපි ඔබට මේ පෙන්වන්නේ,” යැයි පැහැදිළි කළේය.

එහිදී නාලක ද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළේය,

“ස්වාමිනි, මේ හඬපට තිබුණේ නාමල් කුමාර ගාව. ඔහු තමයි රූපවාහිනියේ ප්‍රචාරය කර කර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ. ඒක එහෙමනම් මට ප්‍රශ්නයක් එනවා නිලන්ත ජයවර්ධනගේ අතට මේ හඬපට පත්වුණේ කොහොමද කියලා,” යැයි නාලක ද සිල්වා මහතා පැවසීය.   

මෙහිදී නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කරසිටියේ, “ඔබේ සේවා කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සහ එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඔබේ විමර්ශනවලට බලපෑම් එලල කළේද?,” යන්නය.

එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා මහතා කියා සිටියේ,

“රවී සෙනෙවිරත්නයි ශානි අබේසේකරයි යම් යම් බලපෑම් කළා. ඒ බලපෑම් දේශපාලනය දක්වාම ගියා. එ්ක පෞද්ගලික න්‍යාය පත්‍රයක්ද දන්නේ නැහැ. යහපාලන රජය අපෙනුත් බලාපොරොත්තු වුණා සී.අයි.ඩී එක වගේ වෙන වෙන තොරතුරු දෙන්න අපිත් ක්‍රියා කරයි කියලා. නමුත් මම එහෙම කළේ නැහැ. අපි ටී.අයි.ඩී.එක හැටියට විවිධ වැඩ පෙන්නුවා. කොහොමහරි මම වැඩ තහනමකට ලක්වුණාට පස්සේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගත්තා. ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයින් ඒ කාලේ සී.අයි.ඩී එකේ හිටියේ. එක නියෝජිතයෙක් ඉන්නවා අවශ්‍ය නම් මම ඒ නම ලියලා දෙන්නම්. අපි කරපු අත්අඩංගුවට ගැනීම්වලට මානව හිමිකම් සංවිධානය ප්‍රබල බලපෑම් කළා. සැකකරුවන්ව අත්අඩංගුවට ගත්තාම ඒ සැකකරුගේ අම්මා තාත්තා එන්නත් කළින් මානව හිමිකම් සංවිධාන ඇවිල්ලා සැකකරුවන් එක්ක කතා කරලා ඔවුන් ප්‍රකාශ දෙන එක නැවැත්තුවා. පොලිස්පතිගෙන් මම ආධුනික කණ්ඩායමක් ඉල්ලුවා විමර්ශන කරන්න. පස්සේ මාව අත්අඩංගුවට ගත්තා. මාව අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ කණ්ඩායමෙන් ප්‍රශ්න කරලා තිබ්බා. ප්‍රශ්න කරලා ප්‍රශ්න කරලා ඒ කණ්ඩායමේ ඉදපු සහරාන් ගැන ලිපි ගොනු භාරව හිටපු ප්‍රධාන නිලධාරියෙක් දැන් ඉන්නේ පිස්සන් කොටුවේ,” යැයි නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේය.

-ADA DERANA

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...