28.4 C
Colombo
Friday, April 26, 2024

බැසිල් GI බට නඩුවෙන් නිදහස්

- Advertisement -

ජී. අයි. බට නඩුවේ අධිචෝදනාවලින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද (15) නියෝග කරනු ලැබුවා.

ඒ නීතිපතිවරයා එම නඩුවේ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්.

පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් නොතිබියදීත් 2015 ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා භාවිතා කිරීමේ අරමුණින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 කට අධික මුදලක් වැය කොට ජී. අයි. බට මිලිදී ගෙන, ඒවා එම ආයතන වෙත බෙදා හැරීමෙන් සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණ.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා කරුණු දක්වීය.

එම චෝදනාවලට හා සමගාමී චෝදනා යටතේ මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබු නඩුවකින් කොළඹ වෙනත් මහාධිකරණයක් විසින් ඔවුන් නිදොස් කර නිදහස් කර ඇති බව ඔහු පෙන්වා දෙන ලදි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් 2020 නොවැම්බර් 30 වැනිදා අංක 8222-2016 යටතේ නිකුත් කර ඇති එම නියෝගය අනුව මෙම නඩුවේ අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට නීතිපතිවරයා අදහස් නොකරන බැවින් අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විත්තිකරුවන් එම අධිචෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළේ ය.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...