31 C
Colombo
Thursday, April 18, 2024

ඉන්දියාව දෙපැත්තෙන්ම වැඩ ගනියි

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සිව්වෙනි අමාත්‍ය හමුවට සතියක පමණ කාලයක් තිබිය දී, රුසියාව සමඟ පවත්වා ගෙන යනු ලබන ආර්ථික සබඳතාවලට ඇමරිකානු සාකච්ඡා මගින් කිසිදු බලපෑමක් සිදු නොවන බවට ඉන්දියාව යළි සහතිකයක් ලබාදී තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශයන්ට අනුව අප්‍රේල් 11 වන දින ඉන්දීය සහ එක්සත් ජනපදයේ අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකුට අනුව යුක්‍රේන තත්ත්වය සහ රුසියානු සම්බාධක සංවාද න්‍යාය පත්‍රයේ වැදගත්ම මාතෘකා වනු ඇති නමුත් රුසියාවෙන් තෙල් ආනයනය කිරීම ඇතුළුව ඉන්දියාව සහ රුසියාව අතර වේගයෙන් වැඩෙන වෙළඳාම කෙරෙහි බලපෑම් කිරීමට එක්සත් ජනපදයට අවශ්‍ය නොවනු ඇත.

මෙම සංවාදයට පෙර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් සමඟ යුක්රේනයේ තත්ත්වය ඇතුළු කලාපීය සහ ගෝලීය ප්‍රමුඛතා පිළිබඳ දුරකථන ඇමතුමක් ඔස්සේ සමාලෝචනය කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.

රටවල් දෙක අතර හමුවේ දී ඉන්දීය දූත පිරිස ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං සහ විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් විසින් මෙහෙයවනු ලබන අතර එක්සත් ජනපදය නියෝජිත පිරිස රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් විසින් මෙහෙයවනු ඇත.

RECENT ARTICLES - SINHALA

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

කැබ් – ලොරි අනතුරින් හතරක් රෝහලට

හොරණ - අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනකු තුවාල ලබා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...