32 C
Colombo
Sunday, March 16, 2025

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිලන් ගුවන් සේවයක්

- Advertisement -

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාව මාර්තු මස 1 වනදා සිට ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

මාලදිවයිනේ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර ඊයේ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබුණා.

මාලදිවයිනේ වෙසෙන ජනතාවට සිදුවන හදිසි අනතුරු සහ රෝගාබාධ වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට කඩිනමින් පැමිණීමට අවස්ථාව ලබාදීම මෙම ගිලන් ගුවන් සේවාව ආරම්භ කිරීමේ අරමුණ බවයි වාර්තා වෙන්නේ.

මේ දක්වා සිය වැසියන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉන්දියාවට රැගෙන ගියත්, මෙරට හදිසි ප්‍රතිකාර කටයුතු වල පවතින ගුණාත්මකභාවය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව මාලදිවයිනේ ගුවන් සේවා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES