27.8 C
Colombo
Monday, December 2, 2024

අදත් ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය නරක අතට

- Advertisement -

පවතින කාලගුණික තත්ත්වය හා උතුරු පෙදෙසින් පැමිණෙන දේශසීමා ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් අද (30) දිනය තුළ වායු ගුණ තත්ත්ව දර්ශකය (SLAQl) 92 – 120ත් අතර අගයක දිනය පුරාම පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ පාරිසරික අධ්‍යන හා සේවා අංශය නිකුත්කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යෑමේ හැකියාව තිබෙන බව සදහන් වනවා.

අද දිනයේ වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරය 108 – 116ත් අතර අගයක් යනු ඇතැයි අපේක්ෂා කරනවා.

එමෙන්ම යාපනයේ මෙන්ම පොළොන්නරුවේ එම තත්ත්වය 112- 120ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවයි එම සංවිධානය සදහන් කළේ.

ඊට අමතරව කුරණෑගල, වව්නියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල, බදුල්ල, ත්‍රිකුණාමලය ඇතුළු නගර රැසකම වායු ගුණ තත්ත්ව දර්ශකය 100ට වැඩි අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරනු ලබන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

වායු ගුණ තත්ත්ව දර්ශකය අනුව 0-50 අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක් වන අතර, 101-150 අතර සුළු වශයෙන් අහිතකර වන අතර, 151 – 200 දක්වා අහිතකර මට්ටමක්.

එමෙන්ම 201- 300ත් අතර ඉතා අහිතකර වන අතර, 301 -500 අනතුරුදායක වනවා.

මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස එම සංවිධානය ඉල්ලීම් කරනවා.

කෙසේ නමුත් නුවරඑළිය, ඇඹිලිපිටිය, කළුතර හම්බන්තොට හා මොණරාගල යන නගර වල පමණක් වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බලාපොරොත්තු වනවා.

මෙරට වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව ඊයේ (29) බොහෝ නාගරික ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතුණා.

RECENT ARTICLES - SINHALA

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

POPULAR ARTICLES