28.9 C
Colombo
Thursday, July 10, 2025

ගුවන් හමුදාපති ධුරයෙන් විශ්‍රාම යයි

- Advertisement -

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා.

සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයායි.

ඔහු එම ධුරයට 2023 වසරේ ජූනි 30වනදා තේරීපත් වුණා.

වත්මන් රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, ඒ හේතුවෙන් මෙලෙස වත්මන් ගුවන් හමුදාපතිවරයා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කිරීමට නියමිතව තිබෙනවා.

වත්මන් ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එදිරිසිංහ මහතා 1991 වසරේ දී 24 වන බඳවා ගැනීම් කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදා සේවයට එක්ව තිබෙනවා.  

1970 වසරේ මහනුවර දී උපත ලැබූ වාසු බන්දු එදිරිසිංහ මහතා මහනුවර ශාන්ත සිල්වෙත්තර විදුහලේ ආදි සිසුවෙක්.

RECENT ARTICLES - SINHALA

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

POPULAR ARTICLES

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...