ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය යලි පහළ ගොස් තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ දෛනික වායු ගුණත්ව වාර්තාවේ දැක්වෙන්නේ, අද සිට දින කිහිපයක් දිවයින පුරා වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිත කර මට්ටම හෝ අහිතකර මට්ටම දක්වා ඉහළ යා හැකි බව සඳහන් වනවා.
එමෙන්ම, පවතින කාලගුණ තත්ත්වය මත අද දිනය තුළ වායු ගුණත්ව දර්ශකය 85 ත් 128 ත් අතර අගයක දිනය පුරා පැවතිය හැකි බවද එහි සදහන් වනවා.
කෙසේ වෙතත්, වව්නියාව, නුවර එළිය, පුත්තලම, මුලතිව්, පොළොන්නරුව හා අනුරාධපුර යන නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකියාව තිබෙනවා.
පවතින තත්ත්වය සලකා හැකි සෑම විටම මුඛ ආවරණ පළදින ලෙසත් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් කඩිනමින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටිනවා.