25.6 C
Colombo
Saturday, July 19, 2025

අසාධ්‍ය යැයි ඇතමුන් කියූ අජිත් රෝහණ සුවෙන්

- Advertisement -

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට දැක්වෙන ඡායාරූපය අසත්‍ය ඡායාරූපයක් බව පොලීසිය පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට සුව අතට පත්වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අදාළ ව්‍යාජ ඡායාරූපය ටික්ටොක් ගිණුමකින් උපුටා ගත්තක් බවට තොරතුරු වාර්තා වී ඇති බවත් පොලිසිය පවසා සිටිනවා.

මේ අතර, අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන වාර්තා අසත්‍ය බවත් සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයක පවතින බවත් එම රෝහලේ වෛද්‍යවරුන් පවසනවා.

ශ්වසන අපහසුතා හේතුවෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට ඔක්සිජන් ලබාදීම මීට පෙර සිදු කළද ඊයේ රාත්‍රියේ සිට ඔක්සිජන් ලබාදීමද නතර කර ඇති බවත් රෝහල් වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසනවා.

කොවිඩ් ආසාදිතව සිට මේ වන විට සුවය ලබමින් සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ඡායාරූප පහතින්,

May be an image of 1 person and text
May be an image of 1 person and text

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES