24 C
Colombo
Thursday, February 13, 2025

පුනරීන් බලාගාරයට රනිල්-අදානි ගිවිසුම අනුර කැන්සල් කරයි!

- Advertisement -

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය අවලංගු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ, දේශීය ලංසුකරුවන් ශත 4.88 ක් වැනි අඩු මිලකට මිල ගණන් ඉදිරිපත් කර තිබූ අවස්ථාවක, කිලෝවොට් පැයකට ඇමරිකානු ශත 8.26 ක් වැනි මිල ප්‍රමාණයකට මෙම ව්‍යාපෘතිය ලබා දීමට ගෙන තිබූ තීරණය ඇතුළුව තවත් හේතු ගණනාවක් මත ඒ සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් පැන නැඟී තිබූ පසුබිමකයි.

මෙම ව්‍යාපෘතිය මඟින් මතුවිය හැකි අයහපත් පාරිසරික බලපෑම් මත මෙන්ම මන්නාරම සංක්‍රමණික පක්ෂීන් සඳහා වැදගත් වාසස්ථානයක් වීම යන හේතු මත වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය,  සීමාසහිත පාරිසරික පදනම ඇතුළු බොහෝ පාරිසරික සංවිධාන ඊට විරෝධය පළ කර තිබුණා.

මන්නාරම රදගුරුතුමා විසින් නියෝජනය කරන එම ප්‍රදේශයේ ජනතාවද මෙම ව්‍යාපෘතිය මඟින්  දේශීය කර්මාන්ත හා ජීවනෝපායන්ට සිදුවන හානිය සලකා ඊට  දැඩි ලෙස විරෝධය පළ කළා.

සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර අදානි සමාගම විසින් මෙරටට හඳුන්වා දීමට යෝජිතව තිබූ මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමටත් ශ්‍රී ලංකාවේ සුළං බලය සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳවීමටත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පොරොන්දු වී තිබුණා.

ඒ අනුව, ‘මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර සංවර්ධනය කිරීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් හි යෝජනාව’ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 2024-05-06 දිනැති CP අංක 24/0850/621/047 දරන කැබිනට් තීරණය අවලංගු කිරීමට දෙසැම්බර් 30 වන දින රැස්වූ කැබිනට් මණ්ඩල‍ය තීන්දු කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියට එරෙහිව පසුගියවසර පුරාම සටන් කළ පරිසර විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ පාරිසරික යහපැවැත්ම මෙන්ම මූල්‍ය විනිවිධභාවය ගැන සැලකිල්ලක් දක්වන සෑම අයෙක්ම මෙම කුමන්ත්‍රණය පරාජය කිරීමට ජනාධිපති  අනුර කුමාර දිසානායක දුන් පොරොන්දුව ඉටු කිරීම සම්බන්ධයෙන් සටුටට පත්වනු ඇති බවයි.

“පෞද්ගලිකව, මම මෙම තීරණය ගැන සතුටු වෙනවා, නමුත් එය ප්‍රමාණවත් නැහැ.  රජය දැන් අදාළ සියලුම ලිපිගොනු අල්ලස් කොමිසමට නිකුත් කළ යුතුයි.මේ වංචාව මුලින්ම සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුයි. එහි පිටුපස සිටි මහ මොළකරු කවුද?, පසුගිය රජය දේශීයව ටෙන්ඩර් කළ මිලට වඩා 70% වැඩි මිලකට අදානිගෙන් විදුලිය මිලදී ගැනීමට එකඟ වුණා. ඒ 70% ගියේ කාගේ සාක්කුවලටද කියන දේ හොයන්න අවශ්‍යයයි”

කලින් අත්දකින්න නොලැබුණු ආකාරයේ විනිවිදභාවයක් දැන් පේන්න තියෙනවා. මේ  කැබිනට් තීරණය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් ලොකු හාහෝවක් නොමැති නමුත් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  විකිලීක්ස් නිවේදනයකට සමාන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කරමින් පිටු 174 කින් යුත් වාර්තාවක්  නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළා. මෙය පාරිසරික හා සමාජ යුක්තිය වෙනුවෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයක්.

අදානිගේ යෝජනාව සමාලෝචනය කරන්න කැබිනට් මණ්ඩලය නව ව්‍යාපෘති කමිටුවක් සහ ප්‍රසම්පාදන කමිටුවක් පිහිටුවා තිබෙනවා. කෙසේ වෙතත්, මෙම කමිටු ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීමට ජනාධිපතිවරයාගේ පොරොන්දුව අනුගමනය කළ යුතු වෙනවා. ව්‍යාපෘතිය ඉන්දියානු සමාගමකට ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට පීඩනයක් එල්ල විය හැකි නමුත් එය සිදුවුවහොත්, ලංසු තැබීමේ ක්‍රියාවලිය ඉන්දියානු සමාගම්වලට පමණක් සීමා වීම සිදුවෙනවා. එමඟින් අදානි සමාගමටත් ඒ සඳහා සාධාරණව හා විනිවිදභාවයෙන් තරඟ කිරීමට ඉඩ සැලසෙනවා” (Daily FT)

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.