30.7 C
Colombo
Tuesday, April 23, 2024

ඒලියන්ත වයිට්ගේ මරණය ගැන ‘අල් ජසීරා’ වාර්තා කළ දේ

- Advertisement -

ආශිර්වාද කළ ජලයෙන් කොවිඩ් තුරන් කිරීමට හැකි බවට පැවසූ ශ්‍රී ලාංකික යකැදුරා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවට අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

ඒලියන්ත වයිට් විසින් තම “ආශිර්වාද ලත්” ජල භාජන ගංගාවලට වත් කිරීම මගින් ලංකාවේ සහ අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් වසංගතය අවසන් කළ හැකි බව පසුගිය නොවැම්බර් මාසයේදී පැවසූ බවත්, එවකට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සහය දැක්වූ නමුත් මාස දෙකකට පසුව ඇයද කොවිඩ් ආසාදනය වී රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත් අල් ජසීරා වාර්තා කරනවා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ දණහිසේ ආබාධයකට ප්‍රතිකාර කිරීම ගැන තෙන්ඩුල්කාර් විසින් ඔහුට ප්‍රසිද්ධියේ ස්තූති කිරීමෙන් 2010 වසරේදී ඒලියන්ත වයිට් ජාත්‍යන්තර අවධානයට ලක්වූ බවත් ගෞතම් ගාම්භීර් සහ ආශිෂ් නෙහ්රා ඇතුළු අනෙකුත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ටද ඔහු ප්‍රතිකාර කළ බව පැවසෙන බවත් එම පුවත් වාර්තාවේ සඳහන්.

එමෙන්ම, තමාට වයස අවුරුදු 12 සිට “විශේෂ බලයක්” ඇති බව ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ 2010 පැවති සම්මුඛ සාකච්ඡාවකදී වයිට් කියා සිටි බවත් එබැවින් ඔහු COVID-19 එන්නත ප්‍රතික්ෂේප කළ බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසන බවත් එහි සඳහන්.

ඒලියන්ත වයිට් නැමති යකැදුරා තමන් විසින් වසර 3000 ක් පැරණි ඉන්දියානු වෛද්‍ය සම්ප්‍රදායේ ක්‍රම භාවිතා කළ බව පවසන නමුත් බටහිර වෛද්‍යවරුන් මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ද ඔහුගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ බවත් අවසානයේදී කොවිඩ් ආසාදිතව මියගිය ඔහුගේ සිරුර කොළඹදී ආදාහනය කළ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ...

තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් ගැන මහ බැංකුවෙන් දැනුම්දිමක්

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක...

මොරගහහේන වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළි වෙයි

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...