30.6 C
Colombo
Thursday, April 25, 2024

රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවයි

- Advertisement -

රජ්‍ය ආයතන දැන ක්‍රියාත්මක කරමින් සිටින සහ ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවමින් මහා භාණ්ඩාගාරයේ ලෙක්ම්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව යළි දැනුම් දෙන තුරු රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවීමට කටයුතු කෙරෙනු ඇති.

මේ අතර ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව ඇති භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබාගත යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනය, මිලදී ගත් දිනය, මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, කාණ්ඩ අංක ඇතුළත් රිසිට්පත් හෝ බිල්පත් එලෙස ළඟ තබාගත යුතු වනවා.


RECENT ARTICLES - SINHALA

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා – රනිල්

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී...

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා. සිද්ධිය දුටු...

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...