ඔක්තෝබර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන එදින (03) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.
සුරාබදු දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ වන විටත් දැනුවත් කර ඇති බවයි.
එමෙන්ම වසා තැබෙන කාලසීමාව තුළ යම් හෙයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම බලපත්‍රලත් ස්ථාන සහ පුද්ගලයින් සඳහා උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.