දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය නියාමකයින් පිරිසක් අද පෙරවරුවේ වර්ජනයක් ආරම්භ කර තිබුණා.
මාලිගාවත්ත දුම්රිය අංගනයේ උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශයේ පිරිසක් පහරදීම හේතුවෙන් මෙම විරෝධතාවයට ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.