රට පවතින තත්ත්වය අනුව මෙය ගොඩදැමිය හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බවට අද ජනතාව පවා විශ්වාස කරන බව හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ ඊයේ (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහෙත් මෙහිදී සියලුම පාර්ලිමේන්තු කණ්ඩායම් එකතු විය යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
අගමැතිවරයා නම් කිරීම ජාතික ආණ්ඩු සංකල්පය තුළ සිදුවනු ඇති බවත් දැන් කිරීමට ඇත්තේ උඩ පැනීම නොව වැඩකිරීම බවත් හෙතෙම සඳහන් කරනවා.
මේ වන විට ලංකා දේශපාලනයේ වැඩිම අත්දැකීම් සහිත පරිණතම පුද්ගලයා ජනාධිපතිවරයා ලෙස පත්ව සිටින හෙයින් ලැබුණු තීන්දුව ගැන සතුටු වන බවත් මන්ත්‍රීවරයා කියා සිටිනවා.
“ආසයි බයයි වෙලා වැඩක් නෑ. රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයෙක් විදිහට ඒ අවදානම ගත්තා. අපි එලියට ආවා. මිනිස්සු විශ්වාස කරනවා රනිල්ට විතරයි මේ රට ගොඩගන්න පුළුවන් කියලා. මාත් ඒක විශ්වාස කරනවා. “