27 C
Colombo
Thursday, March 30, 2023

හොඳ සිරකරුවන් සොයන්න ලොහාන්ගෙන් කමිටුවක්..

- Advertisement -

යහපත් කල්ක්‍රියාවෙන් යුත් සිරකරුවන් සෙවීමට සමාලෝචන කමිටුවක් පත්කරන්නේ යැයි බන්ධනාගාර කළමනාකරණ හා පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය අද(7) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් නිශ්චිත කාලයක් ගත කළ පසු යහපත් හැසිරීම මත ජීවිතාන්ත සිරකරුවන් බවට පත්කිරීමේ සිට සිර දඬුවම් කාල සීමා අඩු කිරීම දක්වා තීන්දු ගැනීම් මෙම කමිටු නිර්දේශ මත ගනු ලබන්නේ යැයි එහි සඳහන් වේ.


සානුකම්පිත හේතු මත දඩ ගෙවාගත නොහැකි සිරකරුවන් නිදහස් කිරීමටත් ඇප ලබාදී ඇප තබාගත නොහැකි සිරකරුවන් ඇප කොන්දේසි ලිහිල් කිරීමට අදාළ අධිකරණවලට කරුණු දැක්වීමටත් කටයුතු කිරීමටත් මේ යටතේ පියවර ගන්නේ යැයි අමාත්‍යාංශය පවසයි.


අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් ආකාරයට ගනු ලබන පියවර පිළිවෙලින් මෙසේය.

1.මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් නිශ්චිත කාලයක් ගත කළ පසු යහපත් හැසිරීම මත ජීවිතාන්ත සිරකරුවන් බවට පත්කිරීම.

2.ජීවිතාන්ත සිරකරුවන් යම් කාලයක් ගත කළ පසු යහපත් හැසිරීම හා පුනරුත්ථාපනය වීම සලකා බලාසිව් වස් අටවස් හා දොලොස් වස් ආදී වශයෙන් සලකා ඔවුන්ගේ අපරාධ චර්යා පිළිබඳ නිරීක්ෂණය කර දඬුවමෙන් යම් අඩු කිරීමකට නිර්දේශ ඉදිරිපත් කිරීම.

3.දීර්ඝකාලීන සිරකරුවන් සඳහා ද යම් කාලයක් ගත කළ පසු යහපත් හැසිරීම හා පුනරුත්ථාපනය වීම සලකා බලා සිව් වස් අට වස් හා දොලොස් වස් ආදී වශයෙන් සලකා ඔවුන්ගේ අපරාධ චර්යාවන් පිළිබඳව නිරීක්ෂණය කර දඬුවමේ යම් අඩුකිරීමකට නිර්දේශ ඉදිරිපත් කිරීම.

4.එසේම මෙම ක්‍රියාවලිය සිදුකිරීමේදී පුද්ගලයාගේ අපරාධ චර්යාව වෙනස් වී ඇතිද පුනරුත්ථාපනය වී ඇතිද බන්ධනාගාර තුළ චෝදනාවන්ට ලක්ව ඇද්ද යන කරුණු සමාලෝචනය කර සලකා බලනු ඇත.

5.මෙම ක්‍රියාවලිය තුළ කිසිදු අවස්ථාවක යහපත් හැසිරීමක් නොමැති පුනරුත්ථාපනය නොවූ සිරකරුවන් සමාජගත නොවනු ඇත.

6.එසේම මෙම සමාලෝචන වාර්තා අධ්‍යයනය කිරීමට විද්වත් කමිටුවක් පත්කරනු ඇත.

7.එසේම සානුකම්පිත හේතු මත දඩ ගෙවාගත නොහැකි සිරකරුවන් නිදහස් කිරීමටත් ඇප ලබාදී ඇප තබාගත නොහැකි සිරකරුවන් ඇප කොන්දේසි ලිහිල් කිරීමට අදාළ අධිකරණවලට කරුණු දැක්වීමටත් කටයුතු කරනු ඇත.

8.විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සු`ඵ වශයේ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සඳහා ඇප ලබාදීම නීතිපතිතුමා හා පොලිස්පතිතුමා සමග අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇත.

9.ඉදිරියේදී මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කිරීම.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...