23 C
Colombo
Friday, February 14, 2025

හිටපු ජනපතිවරුන්ගේ සියලු වරප්‍රසාද කපනවා – ඇමති බිමල්

- Advertisement -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට නොයා සිදුකළ හැකි, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකර වරප්‍රසාද කප්පාදු කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නඩු තීන්දුවකින් පෙන්වා දී ඇති බවයි.

එමෙන්ම නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී මේවා අනිවාර්යෙන්ම ඉවත් කරන බවත් එතෙක් කාලයක් නොසිට වරප්‍රසාද කප්පාදු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම හෝ සංශෝධනය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව පමණක් බව නීති විශාරදයින් පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය තීරණය කළ අතර, එහි වඩාත්ම කතාබහට ලක්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිළ නිවස සම්බන්ධවයි.

ඔහුගේ කොළඹ විජේරාම පාරේ පිහිටි නිළ නිවසේ කුලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළ අතර, ඒ සමග හිටපු ජනාධිපතිවරුන් සියලු‍ දෙනාටම නිල නිවාසවලින් ඉවත්වන ලෙසට නව රජයේ සෙසු සාමාජිකයින්ගෙන් ද බලපෑම් එල්ලවෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ ප්‍රතිලාභ සහ වරප්‍රසාද කප්පාදු කිරීම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා සිදුකළ යුතු බව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහනාම හේවා සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES