24 C
Colombo
Sunday, December 10, 2023

යාපනය කලාපයේ සියලු පාසල් සතියක් වැසේ

- Advertisement -

යාපනය දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් වැඩිවන කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් හෙට (29) දින සිට සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.ඉලංකෝවන් මහතා පවසනවා.

එම්.ඉලංකෝවන් මහතා පවසන්නේ යාපනය දිසාපති ඇතුලු කොවිඩ් 19 මර්ධන කමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ වන විට යාපනය නගර මධ්‍ය සම්පූරණයෙන් වසා සංචරණ සීමා පැනවීම හා නගරයේ කොවිඩ් 19 ආසාදිතයින් සමීපව ඇසුරු කරන්නන් යාපනය දිස්ත්‍රික්කය පුරාවට තහවුරුවීමත් හේතුවෙන් පාසල් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා මෙලෙස යාපනය කලාපය තුළ පිහිටි සියලුම පාසල් වෙත නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...