ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
මහනුවර නුගවෙල තිළිණ උත්සව ශාලාවේ අද (04) පස්වරුවේ පැවැති පාක්ෂික හමුවකදී ඔහු මේ බව කියා සිටියේ,සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවයි.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනරජ පෙරමුණෙන් තරඟ කිරීමට අපේක්ෂිත අපේක්ෂක අපේක්ෂිකාවන් දැනුවත් කිරිම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැල්ක්වී පාඨලී චම්පික රණවක මහතා :
“1948 ඉඳලා මෙරට තිබුණ ප්‍රධාන සාම්ප්‍රදායික පක්ෂ සියල්ල මේ වන විට බිඳ වැටී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ විශාල වශයෙන් බිඳ වැටිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බි ඳ වැටිල තියෙනවා. සමඟි ජන බලවේගය බිඳ වැටෙමින් තිබෙනවා. සමගි ජන බලවේගයේ අවසන් ජනාධිපතිවරණය තමයි පසුගිය මැතිවරණය මින් පස්සේ ඔවුන්ට ජනාධිපතිවරණයකට එන්න වෙන්නේ නෑ. ඔය විදිහට සාම්ප්‍රදායික පක්ෂ කඩා වැටෙද්දී අරගලය නිසා ජාතික ජන බලවේගයට බලයට එන්න පුළුවන් වුණා”